පොඩි පොඩි app වලින් ලොකු වැඩ

දෙසැම්බර් 9, 2024

 

දැන් කාලේ අපි ඕනෑම කෙනෙක් ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවනේ. ඉස්සර අපි අත් ඔරලෝසුවකින්, එලාම් ඔරලෝසුවකින්, මියුසික් ප්ලේයර් එකකින්, කැමරාවකින් සහ කම්පියුටර් එකකින් පවා කරගත්තු දහසකුත් එකක් වැඩරාජකාරි කිසිම කරදරයක් නැතුව සාක්කුවේ තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් කරගන්නවා. හැබැයි ඒ වැඩ ෆෝන් එකෙන් කරන්න පුළුවන් වෙද්දි ඒ වැඩ ඊටත් වඩා පහසු කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මොබයිල් ඇප්. මේ ඇප්වලින් කරන්න බැරි දෙයක් නැහැ කිව්වොත් හරි. අද කියන්න යන්නේ ඒ වගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් කිහිපයක් ගැන.

 

Youper - Mental Health

 

අපේ ලයිෆ් ගෝල්ස්වලට යනකොට, අපිව ගොඩනංවා ගන්නකොට තියෙන පළවැනිම කාරණයක් තමයි හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන එක. ඒ මානසික සෞඛ්‍යය ගොඩනංවා ගන්න එකත් අපේ වර්ධනයට, දියුණුවට හරිම වැදගත්. ආන්න ඒ නිසාම තමයි මේ Youper – Mental Health ඇප් එකත් අපේ self help ඇප් ලිස්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මේ ඇප් එකෙන් අපේ මානසික ආතතීන්, විෂාදමය තත්ත්වයන් ගැන අවධානයෙන් ඉන්නවා වගේම, අපිට ඉදිරියට අරගෙන යන්න හොඳ මෝටිවේෂන් එකක් ලබාදීම වගේ දේවලුත් සිද්ධ වෙනවා. මේ ඇප් එක නිර්මාණය කරපු අය කියන්නේ, Youper එකෙන් උදවු කරන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක් තියෙනවා කියලා තමයි. දවස ගාණේ Youper ඇප් එකෙන් අපෙන් ප්‍රශ්න අහලා යම් කිසි තක්සේරුවකට එනවා අපේ මෙන්ටල් හෙල්ත් එක ගැන. ඊට පස්සේ ඒක සමබරව පවත්වාගෙන යන්න අපිට සැලසුම් හදලා දෙනවා.

 

Vanilla Music

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් ගත්තහම, ඒකේ ඩිෆෝල්ට් එන මොකක් හරි මියුසික් ප්ලේයර් එකක් තියෙනවා. ඔය ගූගල් මියුසික් ප්ලේයර් වගේ එකක්. හැබැයි ඉතින් සමහරු කියනවා ඔය ඩිෆෝල්ට් මියුසික් ප්ලේයර්ස් එක්ක වැඩ කරන එක කරදරයි කියලා. විශේෂයෙන්ම ඔය මියුසික් ඩේටාබේස් එක එහෙම කළමනාකරණය කරගන්න එක අමාරුයි කියලා. එහෙමනම්, සරල, ඒත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මියුසික් ප්ලේයර් එකක් හොයන කෙනෙක්ට ගැළපෙනම විකල්පයක් තමයි Vanilla Music කියන්නේ.