අනුන් යටතේ රැකියා කරනවාට වඩා

තමන්ගෙම පුංචි ව්‍යාපාරයක් පටන් ගැනීම හිතට සැනසීමක්
නොවැම්බර් 13, 2019

 

නේචර් හීලින් ආයුර් පුද්ගලික සමාගමේ හිමිකාරිණිය සුපුලි

 

සුපුලි සිලිලාරි... නම වගේම ඇයත් තරමක් වෙනස් චරිතයක්. ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා විශේෂවේදී උපාධිය ලබාගත් උපාධිධාරිණියක්.

මෙහොතකට ඔබ හිතන්න. දිරියට සවියක් විශේෂාංගයෙන් අපි ඔබට දිරිය කතාවක් ගෙනහැර දක්වන්නේ ආර්ථික අපහසුතාවෙන් සිටි උසස් අධ්‍යාපනයක් නොලද තමන්ට අත්වැලක් සපයන්නට පිරිසරණක් නොවූ එහෙත් දැන් සාර්ථක ව්‍යවසායිකාවක් වූ අය ගැනයි. ඒ ඔවුන්ගේ ධෛර්යයවන්ත බව, නොපසුබස්නා උත්සාහය හෙට ඔබේ ඉරණම විසඳීමට ද අත්වැලක් වනු පිණිසය.

සුපුලි වෙතිනුත් ඔබට උගත හැකි පාඩම් බොහෝයි. විදුහල්පති මාපියන්ගේ එකම දියණිය වූ ඇය විවාහ වූයේ ආයුර්වේද වෛද්‍යවරයකු සමඟිනි. එහෙත් ඇයත් පුංචිම පුංචි ව්‍යාපාරයක් පටන්ගෙන ජීවිතය වෙනමම හැරවුම් ලක්ෂ්‍යයකට ගෙන ගොස් ඇත. ඇගේ ජීවිතයට පිළිසරණක් වී ඇත්තේ ද ස්වයං රැකියාවයි.

“මගෙ මහත්තයා ආයුර්වේද වෛද්‍යවරයෙක් ඖෂධ ගැන දන්න නිසා කොළඹ ෆාමසියක් පටන් ගත්තා. ඒත් ඒක දිගටම කරගෙන යන්න ලැබුණේ නැහැ. අතරමැදි ගනුදෙනුකරුවෝ අපට අනවශ්‍ය බලපෑම් කළා. දිගින් දිගටම ආපු පීඩන දරාගන්න බැරිවුණා. අන්තිමේදී අපි මහත්තයාගෙ මහගෙදර කුරුණූෑගල යන්න තීරණය කළා.

ඒ යන අතරමඟදී කාර් එක ලොකු අනතුරකට ලක්වුණා. කාර් එක ගිනිගත්තා. අපි දෙන්නගෙ ජීවිත බේරුණ විදිහ අදටත් හිතාගන්න බැහැ. කොහොමහරි එදා අතේ රුපියලක්වත් නැතිවයි කුරුණෑගල මහ ගෙදරට ගියේ. වාහනේ ලියාපදිංචිය අපේ නමට නොතිබුණ නිසා වන්දි ලැබුණෙත් නැහැ. අන්තිමේ දී මම රැකියාවක් හොයාගෙන නැවත ගාල්ලට ගියා. එතකොට ලොකු දුවට මාස හයක්.

මට රැකියාව විදිහට ලැබුණෙ ආයුර්වේද අතිරේක ආහාර නිෂ්පාදන හා සම්බන්ධ ආයතනයක්. එතැන මම මොනතරම් වැඩ කළත් මගෙ ශ්‍රමය සූරාගෙන කෑමක් වුණා. ආයුර්වේදය පිළිබඳ මාත් මගෙ සැමියාත් හොඳින්ම දැනගෙන හිටියා. තවත් කෙනෙක් යටතේ මාස් පඩියකට වැඩ කළ යුතු නැහැයි අපි තීරණය කළා.

 

2019/11/13 තරුණි බලන්න.....