නූල් පන්දුවේ ලේබලය ගැන අවබෝධයක් නැතිව මහන්න එපා

මැයි 9, 2022

 

අප දැන් ගත කරන්නේ මේ අපූර්ව විශේෂාංගයේ හත්වැනි මාසය තුළ. ඒ පාඩම් මාලාවට අමතරව කරන පූර්ව දැනුවත් කිරීම් මාලාවන් සමඟයි. මැහුම් කලාවේ වගේම ඇඟලුම් ක්ෂේත්‍රෙය් අතිශය සියුම් අංශ පවා ස්පර්ශ කරන මෙවන් විශේෂාංගයක් තවත් නොමැති බව නම් අවධාරණයෙන් සඳහන් කරන්නට පුළුවන්.

 

අද අපි දැනුවත් වෙමු නූල් ගැන

නූල් අවශ්‍ය වෙන්නේ ඉරී ගිය අඳුමක් එළලීම සඳහා, අලුත් ඇඳුමක් මැසීම සඳහා, ඇඳුමකට බොත්තමක් ඇල්ලීම ආදිය සඳහායි.

"ඉතින්.... කඩේට ගියා.... ගෙනාවා."

එහෙම හිතන්නත් පුළුවන් කාට හරි. වෙළෙඳපොළට ගියවිට නූල් වර්ග ගණනාවක් දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි.

* Embroidary

* 100% Cotton

* Yarn

* Polyester

* Nylon

ඉතින් ඔබ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මෙයින් කුමන හෝ නූලක් රැගෙනවිත් මැසීමට යොදා ගන්නවා. ඒත්, මැස්මක් නිරවුල්ව කරගත නොහැකිවීමට කරුණු කීපයක් බලපානවා. එනම්,

* නූල් කැඩී යාම

* ගැළපෙන නූල් වර්ගය තෝරා

නොගැනීම

* රෙද්දට අනුව නූල මහත හෝ සිහින්

වීම

එහෙම වෙන්නේ නූල් පන්දුවේ ලේබලයේ දක්වා තිබෙන තොරතුරු පිළිබඳ ඔබට නිසි අවබෝධයක් නොතිබීමයි. එම ලේබලයේ අවශ්‍ය සියලු තොරතුරු සඳහන් වෙනවා. පාරිභෝගිකයාගේ දැනුවත්භාවය පිණිස එලෙස කිරීමට උසස් මට්ටමේ නිෂ්පාදන සමාගම් ක්‍රියා කරනවා. මේ ලේබලය කියවා තේරුම් ගැනීමට නිසි අධ්‍යයනයක්, හැදෑරීමක් මැහුම් ශිල්පියා සතුව තිබිය යුතුයි.

දැන් බලමු ලේබලයේ අඩංගු කරුණු මොනවාද කියා...

 

* පන්දුවේ ඇති නූල් ප්‍රමාණය

* නූලේ ඝණත්වය

* නූල සාදා ඇති කෙඳි වර්ගය

* වර්ණ අංකය

* වර්ණ ගැන්වීමේදී යොදාගත් ඛාණ්ඩ

අංකය

* වෙළෙඳ නාමය

* නිෂ්පාදිත රට

 

මෙම කරුණු අඩංගු නොවේ නම් එය ප්‍රමිතිගත නිෂ්පාදනයක් බව හඳුනා ගන්නට පුළුවන්.

 

නූල් ප්‍රමාණය

මෙයින් අදහස් කරන්නේ පන්දුවේ ඇති නූල් මීටර් කොපමණ තිබෙනවාද යන්නයි. මීටර් 1000, 2500, 3000, 3500, 5000 සහ 10,000 ආදි දිග ප්‍රමාණයන්ගෙන් නූල් පන්දු මිලදී ගන්නට පුළුවන්.

 

නූලේ ඝණත්වය

නූලක පවත්නා ශක්තිමත් භාවය මෙමඟින් අදහස් කෙරෙනවා. ඝණත්වය සලකා බැලීමේ දී 30, 50, 120, 160 යනාදී ලෙස එය වර්ග කෙරෙනවා. මෙම අවබෝධය අත්‍යවශ්‍යයි.

නූල සාදා තිබෙන කෙඳි වර්ගය

යොදාගෙන තිබෙන අමුද්‍රව්‍යය කුමක්ද පිළිබඳ අවබෝධය මෙමඟින් ලැබෙනවා. නූල් නිෂ්පාදනයේදී කපු සහ රෙයොන් ශාක ඵලය සහ පොත්තේ කෙඳි භාවිත වෙනවා.

 

නිෂ්පාදිත රට

නූල් නිපදවා ඇත්තේ කවර රටකද යන්න මෙයින් හඳුනා ගන්නට පුළුවන්.

මෙම කරුණු පිළිබඳ පූර්ණ දැනුවත් භාවය ඔබ සතුව නොමැතිනම් නිවැරැදි ප්‍රමිතිගත මැස්මකට යා නොහැකි බව දැන් ඔබට අවබෝධ වී ඇති. නූල් සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු තවත් බොහොමයි. ඒ පිළිබඳව ලබන සතියේ අවධානය යොමු කරමු.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.