ඔබේ සුරතලා සනීපෙන් ද ?

නොවැම්බර් 3, 2021

 

නිවෙසේ සුරතලා පවුලේ සාමාජිකයකු වගෙයි. ඇතැම් විට දෙපා සතුන්ටත් වඩා මේ සිවුපාවන් අපට ළෙන්ගතුයි. අපට හදවතින්ම ආදරය කරන සතුනට සලකනවා කියන්නේ උන්ට කෑම බීම දෙන එකම නො වෙයි. දිනපතාම අප උන් ගැන සොයා බැලිය යුතුයි. ඒ සඳහා මිනිත්තු 15 ක් වත් ගත වන්නේ නැහැ. සතා ගේ සුළු වෙනස බරපතළ රෝග තත්ත්වයක ලකුණක් වීමට පුළුවන්. මොනවද මේ ලකුණු ?

සතා මලානිකයි නම් වෙනදා තිබූ ප්‍රබෝධවත් ගතිය නැත්නම් කුමන හෝ ගැටලුවක් තියෙනවා.

කෑම බීම රටාවේ වෙනසක් තිබෙනවාද බලන්න. ඉතා කැමැත්තෙන් කන කෑමක් බීමක් සතා ප්‍රතික්ෂේප කරනවා නම් එය ද හොඳ ලකුණක් නො වෙයි. දවසක්ම නොකා නො බී සිටිනවා නම් එයට හේතුව උදරාබාධයක් හෝ ඊටත් වඩා බරපතළ කරුණක් වීමට පුළුවන්.

පැය 48කට වඩා ඩයරියා පැවතීම පශු වෛද්‍ය ප්‍රතිකාර පතා යායුතු බවට ඉඟියක්. මල සමඟ රුධිරය, ශ්ලේෂ්මල පිට වනවා නම් බලා සිටිනු එපා.

සතාට පිට පිට වමනය යන්නේ අසාත්මිකතාවක් හෝ බරපතළ ආසාදනයක් නිසා වීමට පුළුවන්. එය බලා සිටිය යුතු තත්ත්වයක් නො වෙයි.

සුනඛයනින් තහින්නේ බරපකළ බෝවන රෝගයකින් පීඩා විඳින නිසා වීමට පුළුවන්. බළල් සුරතලා ගේ කැස්ස ද සුළුකර සිතන්න බැහැ. මේ දෙවර්ගයම ප්‍රතිකාර පතා රැගෙන යායුතුයි.

පමණට වඩා ජලය පානය කිරීමත් මුත්‍රා පිට කිරීමත් රෝගී බවේ ලකුණක්. මුත්‍රා කිරීමට අසීරු නම් මුත්‍රා සමඟ රුධිරය පිට වෙනවා නම් එය ද හොඳ ලකුණක් නො වෙයි.

නාසයෙන් සොටු දියර ගලනවා නම් ඇස්වලින් කඳුළු ගලනවා නම් ස්වසන ආබාධයක පෙර නිමිත්තක්.

බර අඩු වීම ද සුබ ලකුණක් නො වෙයි.