රැකියා සොයන මානසිකත්වයෙන් මිදුණොත්

ඔබේම ව්‍යාපාරයක හිමිකාරිනිය විය හැකියි
ඔක්තෝබර් 23, 2019

 

හම්බන්තොට ‘සම්පත් කළු දොදොල් කිව්වාම අපේ දොදොල් කඩේ ගැන මුළු හම්බන්තොටම දන්නවා. ඒත් පාර කපනවත් එක්කම අපේ කඩේ ඉවත්කර ගන්න සිදු වුණා.

ඒ මතකය නම් හරිම දුක්බරයි. අපට තිබුණු එකම ආදායම් මාර්ගය. දරුවන්ට උගන්වන්න. බෙහෙත් හේත් කරන්න මේ හැම දෙයක්ම කරගත්තෙ මේ කඩෙන් ලැබෙන ආදායමින්.

වැටුණු තැනින්ම නැඟිටින්න ඕනේ කියල කතාවක් තියෙනවානේ. අපිත් පුංචියට ආයෙමත් දොදොල් කඩයක්ම පටන් ගත්තා.

ජීවිතයේ කඩා වැටීමත් ඉන් නොනැවතී උත්සාහයෙන් නැඟී සිටි අයුරුත් මෙලෙසින් අප හා පැවසුවේ හම්බන්තොට වින්ධ්‍යා රසාංජලී ජයලත්. ඇය දැන් අංක 16, සිරිබෝපුර, හම්බන්තොට ‘සම්පත් කළු දොදොල්’ වෙළෙඳ සලෙහි හිමිකාරිණියයි. එපමණක් ද නොව ඒ අසළම ඇති ගිෆ්ට් හවුස් සහ තොග භාණ්ඩ අලෙවි සලෙහි සාඩම්බර හිමිකාරිණියයි. ඇගේ ජීවිත කතාව මෙලෙසින් දිග හරිනුයේ සැබැවින්ම සැබෑ සුන්දරත්වය ඇත්තේ ගල්පරවල හැපී ගලන ගඟක යැයි ඒත්තු ගැන්වීමටයි.

“මගේ උපන් ගම පානදුර. අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික ආයතනයක සම්බන්ධීකාරකවරියක් වශයෙන් සේවය කළා. සැලකිය යුතු වැටුපකුත් ලැබුණා. එහිදී දැන හඳුනාගත් අයකු සමඟ විවාහ වුණා. ඔහු ප්‍රභාත් චාමර ඔහුගේ ගම හම්බන්තොට. දොදොල් ව්‍යාපාරිකයන් ලෙසින් ඒ පවුල ප්‍රසිද්ධයි.

විවාහයෙන් පසුව මාත් හම්බන්තොට සැමියාගේ නිවෙසේ පදිංචියට ගියා. ඒ නිසා අපි දෙන්නාටම කරපු රැකියාවලින් සමුගන්න සිදුවුණා.

මගේ සැමියා මවුපියන්ගේ දොදොල් ව්‍යාපාරයට එකතු වුණා. මේක අමුතුම අත්දැකීමක්. ඒ වෙද්දී මට හොද්දක්, බතක්වත් උයාගන්න දන්නෙ නැහැ.

මටත් හිතුණා කාගෙවත් ළඟ රස්සාව කරනවාට වඩා අපේම ව්‍යාපාරයක් කරන එක හොඳයි කියලා. මාත් පුරුදු වුණා දොදොල් හදන්න. ව්‍යාපාරික වශයෙන් ආහාරයක් හදනකොට ප්‍රමිතිගත විය යුතුයි. එබැවින් ආහාර නිෂ්පාදන අංශයේ පාඨමාලා ගණනාවක්ම කළා. මේ බව ආරංචි වුණ මගේ යාළුවෝ, නෑදෑයෝ මට හිනා වුණා. හොඳට ඉගෙනගෙන දොදොල් හැඳිගානවා කිවුවා. ඒ වචන මගෙ ජීවිතයට ආශීර්වාදයක් වුණා. ඒවා පන්නරයක් කරගත්තා.

 

 2019/10/23 තරුණි බලන්න..............