වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
උපන් ලපය කියන ඔපය

අපේ ඇඟේ එක එක තැන්වල උපන් ලප තියෙනවනේ. සමහර උපන් ලපවලින් අමුතුම ලස්සනකුත් අපිට එක් කරනවා. උපන් ලප තියෙන තැන් අනුව එක එක කතා තියෙනවා. මේ දේවල් විශ්වාස කරනවා වගේම නොකර ඉන්නත් ඔබට පුළුවන්. හැබැයි, අපි හිතුවා ඒ ගැන යම් දැනුම්වත් කිරීමක් කළොත් හොඳයි කියලා.
1. උපන් ලපේ තියෙන්නේ නළලේ කෙළවර නම්
මෙහෙම නළලේ කෙළවර උපන් ලප තියෙන කට්ටියට ගොඩාක් සංචාරය කරන්න උපතින්ම වාසනාව තියෙනවා. පිටරටක රස්සාව කරන්න හෝ විනෝදයට සංචාරය කරන්න වැඩි අවස්ථා මේ වගේ අයට හිමි වෙනවා.
2. ඇහි බැම දෙක මැද්දේ පිහිටන උපන් ලප
ඇහි බැම දෙක මැද්දේ හරියට මොට්ටුවක් වගේ තියෙන උපන් ලපයෙන් කියවෙන්නේ ඔබ මොන විදිහේ රස්සාවක් කළත්, ඒකෙ උපරිම ඉහළට යන්න වාසනා ශක්තිය තියෙනවා කියන එකයි. ඒ වගේම තමන් කැමැතිම වෘත්තීයක නියැළෙන්නත් මොවුන් වාසනාවන්තයි.
3. ඇසත් ඇහි බැමත් අතර පිහිටා ඇති උපන් ලපය
මේ විදිහට උපන් ලප තියෙන කට්ටිය කොහේ ගියත් ඉක්මනින්ම ඒ තැනට, ඒ විදිහට හැඩගැහෙන්න දන්නවා. ඒ වගේම කවුරුත් කැමැති වෙන විදිහේ නායකත්ව ලක්ෂණත් මොවුන් සතුව පවතිනවා.
4. තොල උඩින් පිහිටන උපන් ලපය
තොල උඩ දක්නට ලැබෙන උපන් ලපයෙන් කියවෙන්නේ ගොඩාක් ආකර්ෂණීයයි කියලයි. තමන්ගේ යාළුවෝ අතරේ මේ අය ගොඩාක් ජනප්රියයි. ඒ වගේම හැම දේකම උපරිම හොඳ තත්ත්වයක් මේ අය බලාපොරොත්තු වෙනවා.
5. කම්මුල් මත ඇති උපන් ලපය
කම්මුල් මත තියෙන උපන් ලපයෙන් කියවෙන්නේ ඔවුන් ඉතාමත්ම දක්ෂ නායකයෝ කියලයි. කාට වුණත් ආදර්ශයට ගන්න පුළුවන් ජීවිත තමයි මේ අය ගත කරන්නේ.