පිපී හිනැහෙන සොඳුරු සකුරා මල්

නොවැම්බර් 20, 2019

ජපානයේ ජාතික පුෂ්පය ‘සකුරා’ අපට හුරුපුරුදු නොවේ. එහෙත් ඔබ පින්තූරයකින් හෝ සකුරා මල්වල සුන්දරත්වය විඳ ඇතිවාට සැක නැත.

ඒවායේ ආකර්ෂණය මතකයට නඟන්න. මොනතරම් සුන්දරද?

රෝස පැහැති සකුරා මල් කැකුළුවල ආකර්ෂණය නෙතු විස්මයට පත්කරවයි. ඒ නිසාම මෙවැනි නිර්මාණයකට ජීවය දෙන්න කවුරුත් කැමැති වේවි. ෂා.... හරිම අපූරු නිර්මාණයක් කියලා ඔබත් කියාවි. බලන්න, නිවෙසේ අලංකාරයට අගනා බිත්ති සැරසිල්ලක් නේද? එළැඹෙන නව වසරට නිවෙස සරසන්න මේ නිර්මාණය කදිමයි.

අවශ්‍ය දේවල්

සුදු, ළා රෝස, තද රෝස

වර්ණවල අඟල් භාගය පළල

රිබන් සහ බේබි රිබන්

කොළ පාට මිලිමීටර් 2

පළල රිබන්

දුඹුරු පාට බේබි රිබන්

සුදු පාට ලිනන් රෙදි

කහ පාට සිල්ක් කැරැලි නූල්

රෝස පාට සහ රන්වන් පාට

රෙදි පින්තාරු තීන්ත

පින්සල්

නොම්බර 20 ට‍‍්‍රැපැස්ටි ඉඳීකටු

පුලුන්

රිදී පාට රෙදි කොටසක්

රාමුව

නිර්මාණය කිරීම

මෙම මෝස්තරය අවශ්‍ය පමණ විශාලකර දළ සටහනක් සකසාගන්න. ලිනන් රෙදි කොටස ගෙන සෝදා වියළාගෙන අයන්කර ගන්න. ඉන්පසු ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළයක් ගෙන මෝස්තරය රෙදි කොටසට පිටපත් කරගත යුතුයි. පසුව රෙදි පින්තාරු තීන්ත ගෙන පසුබිම වර්ණගන්වා ගන්න. එය වියැළුණු පසුව රාමුවට දමා තදකර මැසීම අරඹන්න. මල් බඳුනට අදාළ කොටසේ පුලුන් තබා රෙදි කොටසින් ආවරණය කරගන්න. ඉන්පසු ඒ වටා නූල් දුවවීමේ මැස්මෙන් මසාගන්න.

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

2019/11/20 තරුණි බලන්න