තරුණී මාධ්‍ය අනුග්‍රහයෙන් හැඩවන Queens of Sri lanka

මාර්තු 18, 2024

මෝස්තර නිර්මාණ ශිල්පයේ වසර ගණනාවක අත්දැකීම් ලත් මෙරට ප්‍රධාන පෙළේ නිරූපණ ඇකඩමියක් වූ Colombo Model Academy හි අධ්‍යක්ෂවරයා මෙන්ම Next Event Entertainment හි කළමනාකරු වන චරිත් ගුණසේකර මෙහෙයවනු ලබන Queens of Sri Lanka - 2024 තරගාවලියේ පළමු වටයේ තේරීම් තරගය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් හෝල් හි දී පැවැත්වුණි.

එහි පුහුණුකරු ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ ජාතික සහ ජාත්‍යන්තර කිරුළු රැසක් බිහිකළ ජාතික පුහුණුකරු රුක්මල් සේනානායක කටයුතු කරයි.

වෘත්තිය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වන්නට සිහින මවන තරුණියන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමායි. තරුණී මාධ්‍ය අනුග්‍රහය දැක් වූ මෙම තරගාවලියේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.