ලෝක කුසලානයේ පන්දුවෙන් වැඩ පෙන්වූ මොනරාගල බට්ටි

පෙබරවාරි 17, 2025

 

. ඇය ගැන අප මුලින්ම සටහනක් තැබුවේ මීට මාසයකට පෙරය. කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරක පිහිටි මොනරාගල සිට තවත් කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි කුඹුක්කන නම් ගම් පියසේ උපන් ඇය ඉගෙනුම ලබන්නේ මොනරාගල ප්‍රඥානන්ද මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ය. බට්ටි නමින් කා අතරත් ජනප්‍රිය වූ චමුදි වයස අවුරුදු 14ක පුංචි ක්‍රීඩිකාවකි.

“බට්ටි” ගැන නැවතත් අප මේ සටහන තබන්නේ ඇයගේ සිය කුලුඳුල් ලෝක කනිෂ්ඨ කුසලාන තරගයේ මුල් තරගයේදීම ඇය දැක්වූ දස්කම් විස්කම් නිසයි. අප මේ ක්‍රීඩා තරුව ගැන මුලින්ම සටහන් තැබුවේ ඇය 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වූ පසුවය. මොනරාගල දිස්ත්‍රික්කයෙහි පිරිමි ක්‍රීඩකයෙක් පවා මෙතෙක් බිහිවී නැති පසුබිමක චමුදි වමත් දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩකාවක් වීම මුළු රටටම ආදර්ශයකි. ඇය සහභාගි වූ පළමු ලෝක කුසලාන තරගයේදීම සත්කාරක මැලේසියාව සමග පැවති තරගයේදී ලකුණු 05කට කඩුලු 03ක් දවා ගැනීම සුවිශේෂී සිද්ධියකි. ඉතාම දුෂ්කර වූ පවුල් පසුබිමකින් යුතු චමුදිගේ පියා සහ මව කුලී වැඩ කරමින් තම ජීවිතය ගොඩනඟන්නට මහත් වෙහෙසක් ගනියි.