වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අපේ පුංචි කොල්ලෙක් ලෝක මේස පන්දු පිටියේ වැඩ පෙන්වයි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන තාවී සමරවීර වයස අවුරුදු 4න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ සටහනේ 4 වැනි ස්ථානයට පත්වීම විශේෂ සිදුවීමකි. ඊට අමතරව ඔහු 13න් පහළ වයස් කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 67 වැනි ස්ථානය ද හිමිකරගෙන ඇත.
මෙම සිදුවීම් දෙකම අනුව ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ නව වාර්තාවක් බවට පත් වන්නේ ඕනෑම වයස් කාණ්ඩයකදී ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ලද ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීමේ දක්ෂතාවය වීම ලෙසයි. මෙලෙසින් වයස් කාණ්ඩ දෙකක ලෝක ශ්‍රේණිගත කිරීමේදි පළමු 100 දෙනා අතර රැඳී සිටීමට ද තාවී සමරවීරට හැකිවීම විශේෂිතම සිදුවීම වෙයි.