ඔබ ලස්සන කරන සොඳුරු හිතැත්තී

තිළිණි නදීශානි
පෙබරවාරි 24, 2025

කාන්තාවක් සතු සුන්දරත්වය එකිනෙකට වෙනස්. දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක නම් මේ වෙනස හඳුනා ගනී. එබැවින් ඔබ යම්කිසි රූපලාවණ්‍ය කටයුත්තකට යා යුතු වන්නේ ඒ සඳහා මනා නිපුණත්වයක් වගේම වසර ගණනාවක අත්දැකීම්ලත් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙතටය. ඇය තිළිණි නදීශානි. ඇයත් රූපලාවණ්‍ය කේෂ්ත්‍රයේ අත්දැකීම් ලද දක්ෂ ශිල්පිනියක්. පොල්හේන්ගොඩ පිහිටි සැලෝන් ‘ටිලි‘ හි සාඩම්බර හිමිකාරිණිය ඇයයි.

 

අද කාලයේ ඔබට අවශ්‍ය කරන රූපලාවණ්‍ය සත්කාරය වෙනුවෙන් කාලය, ශ්‍රමය වගේම නියම වටිනාකමක් ලබාගත හැකි රූපලාවණ්‍යාගාරයක් සොයා ගැනීම තරමක් අපහසුය. එසේම තමන් සිදු කරන රූපලාවණ්‍ය සත්කාරයට වගකීමක් ලබාදෙන්නට හැකි රූපලාවණ්‍යාගාරයක් තෝරා ගැනීමටත් ඔබ බුද්ධිමත් විය යුතුය.

 

ඔබේ රූපලාවණ්‍ය සත්කාර සඳහා විශ්වසනීය යා හැකි රූපලාවණ්‍යාගාරයක් ඇය පවත්වාගෙන යනු ලබයි. අංක 93, විජය කුමාරතුංග මාවත, පොල්හේ්න්ගොඩ, කොළඹ 05 පිහිටි සැලෝන් ‘ටිලි‘ ඒ සඳහා සාක්ෂි දරයි. මෙම රූපලාවණ්‍යාගාරයේ දී ඔබට අවශ්‍ය හෙයාර්, බියුටි යන අංශ යටතේ ඔබේ රුව ඔප් නංවා ගැනීමේ සියලුම කටයුතු කරගත හැකිය.

 

ඒ අනුව මේක් අප් වර්ග, ෂැම්පෝ කිරීම, කන්ඩිෂනල් කිරීම, මුහුණ පැහැපත් කිරීම, හෙයාර් මසාජ්, හෙඩ් ට්‍රීට්මන්ට් හා හෙනා ට්‍රීට්මන්ට්, හිස්හොරි ඉවත් කිරීම, හිසකෙස් වැටීම, සුදු වීම නතර කිරීමට උපදෙස්, කොණ්ඩ ෆර්ම් කිරීම හා සෙට් කිරීම, කොණ්ඩය බ්ලෝ ඩ්‍රයි කිරීම, හොට් වැක්ස් / කෝල්ඩ් වැක්ස්, ඔබේි මුහුණට ගැළපෙන ෆේෂල් වර්ග, මෙනිකි සහ පෙඩික ( අත් හා පාවල නිය සැකසීම) නේල් ආර්ට්, ජෙල් නේල් වැනි රූපලාවණ්‍ය සත්කාර ඇයගෙන් හරි අපූරුවට සිදුකර ගත හැකියි.

 

එමෙන්ම කුරුලෑ, ඉන්නන්, සුදු ලප හා කළු ලප ඉවත් කිරීම, කොණ්ඩය ස්ට්‍රේට් කිරීම, හිසකෙස් වර්ණ ගැන්වීම (Tint) ඇය විසින් මනා පුහුණුවකින් යුතුව සිදු කරනු ලැබේ.

 

“ මම නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයාවක්. පාසල් කාලයේ නම් අනාගතයේ නර්තන ගුරුවරියක් වෙන්න සිහින දැක්කා. ඒත් මමත් දන්නේම නැතුව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමු වුණා. ඇත්තටම මම රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම පිළිබඳ අද සතුටු වෙනවා. අද වන විට පුරා වසර 12ක් තිස්සේ කන්තාවන් හැඩ ගැන්වීම සිදු කරනවා. මම ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේ ලෝරි සහ ඩිෂාන් පවත්වාගෙන ගිය The Chopping Block රූපලාවණ්‍යාගාරයේ පුහුණුව ලබමිනුයි. එයින් ලද අත්දැකීම් මෙතෙක කිව නොහැකියි. අදත් මම දැනුමෙන් සන්නද්ධව කටයුතු කරන්නේ එම රූපලාවණ්‍ය ශිල්පීන් දෙදෙනාගේ දැනුම මා හට නිර්ලෝභීව ලබා දුන් නිසාවෙනි. තවදුරටත් මා දැනුමින් පෝෂණය විය යුතු නිසාම NVQ Level - 4 සහතිකලාභියෙක් වුණා. ඒ අතරම මැලේසියාව, තායිලන්තය යන රටවල රූපලාවණ්‍ය පුහුණුවද මා ලබා තිබෙනවා. සැලොන් ‘ටිලි‘ වෙත පියනගන ඔබට ඇය නිරතුරුවම විශ්වසනීය සේවාවක් ලබා දෙන්නට සූදානම්. ඒ සඳහා

077-6193030 දුරකතන අංකයෙන් තිළිණි නදීශාව සම්බන්ධකර ගත හැකියි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

 

[email protected]