ගෙදර අයට සුරක්ෂිතව පිටරට සිට බඩු එවන්න විශ්වාසයෙන් හැමදාමත් ට්‍රයිකෝ තෝරගන්න

මාර්තු 10, 2025

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට විවිධ බඩු භාණ්ඩ එවීම එදා මෙදා සිටම දක්නට ලැබෙන කටයුත්තකි. එසේ විදෙස් රටවලින් ශ්‍රී ලංකාවේ පවුලේ උදවිය වෙත බඩු භාණ්ඩ එවීමේ ප්‍රධානත්වය ගන්නේ කාන්තාවයි.

විදෙස් රටවල සිටින අප විශ්වාසවන්ත බඩු භාණ්ඩ එවීම සඳහා තෝරා ගනු ලබන්නේ ප්‍රමිතිගතම කාගෝ සේවාව ලෙස ට්‍රයිකෝ සමූහ ආයතනය හඳුන්වා දිය හැකිය.

මේ ට්‍රයිකෝ කාගෝ සේවය පිළිබඳව සහ ඔවුන්ගේ සේවාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි.

 

විශ්වසනීය සේවයක් සලසන ට්‍රයිකෝ පිළිබඳ හැඳින්වීමක් කරන්න?

 

ට්‍රයිකෝ ජාත්‍යන්තර සමාගම 1982 සිට ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වූ පළමු ගුදම් සංකීර්ණයයි. එනම් ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ට්‍රයිකෝ ආයතන පරිශ්‍ර‍ෙය්දී සියලුම බහලුම් විවෘත කෙරෙන අතර අනතුරුව බහාලුම්වලින් ඉවතට ගත් සියලුම කාගෝ රේගු අධීක්ෂණය සහිත ගුදම්වල ගබඩා කිරීම සිදුවෙනවා. මේ සඳහා රජය විසින් රේගු කාර්ය මණ්ඩලයක් ට්‍රයිකෝ ගුදම් තුළ අනුයුක්ත කර තිබෙනවා. භාණ්ඩවල හිමිකරුවන් කාගෝ නිදහස් කර ගැනීමට පැමිණි පසු ශ්‍රී ලංකා රේගුවේ රෙගුලාසිවලට යටත්ව රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවකින් අනතුරුව කාගෝ නිදහස් කිරීම ට්‍රයිකෝ ගබඩා සංකීර්ණයේදී සිදුවෙනවා. මේ අනුව පාරිභෝගිකයන් ට්‍රයිකෝ විදෙස් නියෝජිතයනට භාරදුන් කාගෝ, මෙරටට පැමිණීමෙන් අනතුරුව, මෙරටින් භාණ්ඩ නිදහස් කර ගැනීමට ට්‍රයිකෝ ආයතන පරිශ්‍රයට පැමිණෙන තුරු පූර්ණ ආරක්ෂාවක් සහිතව ට්‍රයිකෝ භාරයේ ඇති බව නිසැකවම පැහැදිලි වෙනවා.

 

මෙරටදී කාගෝ නිදහස් කර ගැනීම

 

මෙරට දී කාගෝ නිදහස් කර ගැනීම අපගේ කොළඹ (බ්ලූමැන්ඩල්), කුරුණෑගල (උහුමීය) සහ ගාල්ල (කටුගොඩ), රේගු අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති ගුදම් සංකීර්ණවලදී පමණක් සිදුවෙනවා. ට්‍රයිකෝ නාමය භාවිත කරමින් ව්‍යාජ ආයතන ලොව පුරාම ක්‍රියාත්මක බැවින් ඔවුන් කාගෝ නිදහස් කරන්නේ කොතැනද යන්න අසා දැන ගැනීම මඟින් ට්‍රයිකෝ ආයතනයේ බලයලත් නියෝජිතයන් පහසුවෙන්ම හඳුනාගත හැකි වෙනවා. ඉහත ස්ථාන 3 හැර වෙනත් කිසිදු ස්ථානයකදී ට්‍රයිකෝ ආයතනය කාගෝ නිදහස් කරන්නේ නෑ.

 

නිතරම යාවත්කාලීන වන අපගේ වෙබ් අඩවිය (www.trico.lk) හරහා, පාරිභෝගිකයන්ට, ට්‍රයිකෝ බලයලත් නියෝජිත ආයතනවල නිවැරදි දුරකතන අංක පහසුවෙන්ම ලබා ගත හැකි වෙනවා. මීට අමතරව, ට්‍රයිකෝ ගෝලීය වට්ස් ඇප් අංකය +94765002222 සමඟ “චැට්” මඟින් සම්බන්ධ වී පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු එසැණින් ලබාගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා. ට්‍රයිකෝ ගෝලීය Facebook (@tricoglobal), Instagram (@tricoglobal) සහ TikTok (@tricoglobal) පිටු හරහා ද පාරිභෝගිකයන්ට ට්‍රයිකෝ සමඟ සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම මෙන්ම තොරතුරුවල නිවැරදිතාවය ද තහවුරු කළ හැකි වෙනවා.

 

Door to Door එවන කාගෝ නැති වෙනවාද?

 

කොළඹ ට්‍රයිකෝ මැරිටයිම් වෙත එවීමට අප ආයතනය වෙත කාගෝ ලබාදීමේදී විදේශයන්හි ට්‍රයිකෝ බලයලත් නියෝජිත ආයතන විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට අනුකූලව කාගෝ ඇසිරීම සහ එහි අන්තර්ගත දෑ පිළිබඳ ලැයිස්තුවක් ලබා දීම අනිවාර්ය වෙනවා. ඕනෑම අයකු විසින් ශ්‍රී ලංකාවේ නි‍ෙවසටම ප්‍රවාහනය කිරීමට (Door to Door Delivery) එවන කාගෝ ඇතුළත් බහලුම් සියල්ල, ශ්‍රී ලංකා රේගුව විසින් අනිවාර්යෙන්ම විවෘත කරන අතර, ඒවා රේගු පරීක්ෂාවෙන් අනතුරුව නැවත අසුරන අතර එය ඔබ පෙට්ටිවලට දැමූ ස්වභාවය වඩා වෙනස් විය හැකියි. එබැවින් නැවත අසුරන ලද භාණ්ඩ සියල්ල ඇතුළත් පෙට්ටිය මත ආරක්ෂිත ටේප් අලවා නැවත බහාලුමකට දැමීමට ට්‍රයිකෝ ආයතනය සෑමවිට කටයුතු කරනවා. එවැනි තත්ත්වයක් යටතේ පෙට්ටියේ තිබූ භාණ්ඩ සියල්ලම ඔබ වෙත ලැබෙන අතර, රේගු පරීක්ෂාවේ සිට නිවෙසටම ප්‍රවාහනය අතරතුර, යම් භාණ්ඩයක් යම් අයෙකු විසින් සොරාගැනීමට හැකියාවක් නෑ. ඒ එක්කම රේගු පරීක්ෂාවෙන් අනතුරුව රේගු නිලධාරි මහතුන් විසින් සිදුකරන බදු මුදල් අයකර ගැනීම් සහ තහනම් භාණ්ඩ හෝ බදු නොගෙවීම මත සිදුවන රඳවා ගැනීම් පිළිබඳ අප ආයතනයේ කිසිදු වගකීමක් නෑ.

 

• රේගු පරීක්ෂාවෙන් අනතුරුව කිසිසේත්ම පෙට්ටිය තිබූ අයුරින් ඇසිරීමක් සිදුවන්නේ නැති බැවින් පෙට්ටිය අසුරන වේලාවේ ලබාගන්නා ඡායාරූප සමඟ ගෙදරට ලැබෙන පෙට්ටිය සැසඳීම කිසිසේත්ම සිදුකළ නොහැකි වෙනවා.

• රේගු පරීක්ෂාවේදී රේගුව විසින් හඳුනාගත් මෙරටට ආනයනට තහනම් භාණ්ඩ රේගු භාරයට ගැනීම පිළිබඳව මැදිහත් වීමට ට්‍රයිකෝ ආයතනයට හැකියාවක් නෑ.

• ගෙදරටම ප්‍රවාහනයට තෑගි එවන අවස්ථාවලදී, කාගෝ නිදහස් කරන්නේ හෝ නි‍ෙවසේදී භාරගන්නේ තෙවැනි පාර්ශ්වයක් නම් හෝ කිහිප දෙනෙකුට එක පෙට්ටියක භාණ්ඩ එවූ අවස්ථාවලදී, අස්ථානගතවී යැයි පැවසෙන යම් අයිතමවල වගකීම ට්‍රයිකෝ ආයතනය යොමු කිරීමට ගත් උත්සාහයන් හඳුනාගෙන තිබෙනවා. එබැවින් සෑමවිට කාගෝ ලබා ගැනීමට සහ ඒවා විවෘත කිරීමේදී අදාළ පාර්ශ්වයන්ම ඉදිරිපත් වීමට කටයුතු කළයුතු වෙනවා. කාගෝ පාරිභෝගිකයනට ලබාදුන් පසු අස්ථානගත යැයි පවසන දෑ පිළිබඳ වගකීමක් ගැනීමට ට්‍රයිකෝ ආයතනයට හැකියාවක් නෑ. ඔබට යම් ගැටලුවක් තිබේ නම් එසැණින්ම වාර්තා කිරීමට කටයුතු කළ යුතුයි.

•කාගෝ අප වෙත ලබා දීමේදී, පාරිභෝගිකයන් විසින් ලබා දිය යුතු ලැයිස්තුවට අදාළව යම් සිද්ධියක් වාර්තාවේ නම්, ඒ පිළිබඳ නිසි පරීක්ෂණයකින් අනතුරුව, හානි පූර්ණය වෙනුවෙන් වන්දි ලබා දීමට අප ආයතනය සෑමවිටම කටයුතු කර තිබෙනවා.

 

ට්‍රයිකෝ එකෙන් එව්වම බඩු කැඩෙනව ද?

 

විශාල ප්‍රමාණයේ රූපවාහිනී, විදුලි හෝ ගෑස් උදුන්, රෙදිසෝදන යන්ත්‍ර වැනි බිඳෙන සුලු කොටස් ඇතුළත් භාණ්ඩ මෙරටට එවීමේදී, අනිවාර්යෙන්ම ඒ සඳහා වෙනම ඇසුරුමක් සකස් කිරීමට කටයුතු කළ යුතුයි. එවැනි දෑ ඔබේ පෙට්ටිය තුළට ඇතුළු කිරීමෙන් වැළකිය යුතුයි. නැව් බඩු ප්‍රවාහනයේදී සහ හැසිරවීමේදී සිදුවිය හැකි තෙරපීම් සහ හැලොහැප්පීම් නිසා ආරක්ෂිත ඇසුරුමකින් තොරව එවන බිඳෙන සුලු කොටස් ඇතුළත් කාගෝ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. මේ දිනවල බොහෝ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන තම නෑ හිත මිතුරන්ට එවන “තෑගි” පෙට්ටි ඇසිරීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

 

ඔබ විසින් තෑගි පෙට්ටි ඇසිරීමේදී,

 

• තෙල්, ෂැම්පු, දියර සබන් වැනි බෝතල් එවීමේදී, තෙරපීමකදී එහි මූඩිය විවෘත වුවද දියර පිටතට ගලා නොඑන ලෙස ටේප් කර එවන්න.

• තෑගි භාණ්ඩ ලෙස එවන කාගෝ ඇසිරීමේදී, සේදුම්කාරක හෝ ඩිටර්ජන් බෝතල් සමඟ ආහාර පාන ඇසිරීමෙන් වළකින්න. භාණ්ඩ ප්‍රවාහනයේදී සිදුවන තෙරපුම් නිසා ඒවා පිටතට ගලා ඒමක් සිදුවුවහොත් ආහාර පාන සියල්ලම විනාශ වෙන්න පුළුවන්.

• ඇතුළත වාතය සමඟ ඇසුරුම් කර පැකට් කළ ආහාර හෝ එවැනි දෑ එවීමේදී, තෙරපීමකට හසු නොවන ලෙස ඇසුරුම් කරන්න. එසේ නොවුනහොත් නැව්බඩු ප්‍රවාහනයේදී සිදුවන තෙරපුමක් නිසා එවැනි පැකට් පුපුරා යන්න පුළුවන්.

• රේගුව විසින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අවහිර කර ඇති භාණ්ඩ තොග වශයෙන් එවීමෙන් වළකින්න. එක් වර්ගයකින් ඇසුරුම් කළ හැකි උපරිම ප්‍රමාණය පිළිබඳ තොරතුරු රේගු වෙබ් අඩවියෙන් හෝ ට්‍රයිකෝ නියෝජිත ආයතනයෙන් ලබාගන්න පුළුවන්.

• දොරින් දොර ප්‍රවාහනයට තෑගි භාණ්ඩ ලෙස කාගෝ මෙරටට එවීමේදී, ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක වැනි ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ එවීමෙන් වළකින්න.

• රේගුව විසින් ශ්‍රී ලංකාවට ආනයනය තහනම් කර ඇති භාණ්ඩ තෑගි භාණ්ඩ ලෙස අසුරා එවීමට කටයුතු නොකරන්න. රටේ රේගු නීති රෙගුලාසි අනුුව සෑමවිටම වගකී‍ෙමන් කටයුතු කරන්න.

• තෑගි භාණ්ඩ මෙරටට එවීමේදී, ඒවා මෙරටදී ලබාගන්නා අයගේ නම ඔවුන්ගේ හැඳුනුම්පතේ ඇති ආකාරයටම සටහන් කරන්න. වෙනත් නම් යෙදීමෙන් වළකින්න. (No pet Names)

ඊට අමතරව අප විසින් ක්‍රියාත්මක ගෝලීය WhatsApp Chat +94765002222 මෙන්ම Facebook (@tricoglobal) සහ Instagram (@tricoglobal) පිටු හරහා, එතෙර සිටින ශ්‍රී ලාංකිකයනට ට්‍රයිකෝ සමඟ සම්බන්ධ වීමට පහසුකම් සලසා තිබෙනවා.

 

එවපු කාගෝ ලංකාවට ඇවිත් ද?

 

විදෙස්ගත ශ්‍රී ලාංකික ඔබ නැව් හෝ ගුවන් මඟින් ප්‍රවාහනය කිරීමට කාගෝ ලබා දීමේදී, ETA හෙවත් පැමිණීමේ ඇස්තමේන්තුගත වේලාව නමින් දිනයක්, ඔබ භාණ්ඩ මෙරටට එවීමට ලබාදෙන නියෝජිත ආයතනය විසින් ලබා දෙනවා. සෑම විටම ඒ අනුව ක්‍රියාත්මක වීමට කටයුතු කරන්න. ට්‍රයිකෝ ආයතනයේ ගෝලීය Tracking වෙබ් අඩවියට (track.tricoglobal.com) පිවිසී ඔබ භාණ්ඩ ලබාදෙනවිට ලබාදුන් දුරකතන අංකය සහ ඉන්වොයිස් අංකය ඇතුළත් කර යාවත්කාලීන තොරතුරු ලබාගන්න. භාණ්ඩ රැගත් නෞකාව හෝ ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, වරායෙන් හෝ ගුවන්තොටුපොළෙන් ට්‍රයිකෝ පරිශ්‍රයට භාණ්ඩ ළඟාවූ පසු, ට්‍රයිකෝ ආයතනය විසින් ඔබට ඒ පිළිබඳ දැනුම් දෙනවා.

 

ලොව වටා ට්‍රයිකෝ බලයලත් නියෝජිත ජාලයට කතා කළ හැකි වන්නේ කෙසේද?

 

ඔබේ විදෙස්ගත නෑ හිත මිතුරන් ඔබට එවන ගමන් මලු සහ තෑගි පාර්සල්, විශ්වාසයෙන් සහ වගකීමකින් නිදහස් කරගැනීමට, ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි බන්ධිත Trico Maritime ගබඩා, කොළඹ - බ්ලූමැන්ඩල්, කුරුණෑගල - උහුමීය සහ ගාල්ල - කොටුගොඩදී ඔබ වෙනුවෙන් විවෘතයි. ලොව වටා ට්‍රයිකෝ බලයලත් නියෝජිත ජාලයට කතා කරන්න. තොරතුරු දැනගන්න පිවිසෙන්න වෙබ් අඩවිය www.trico.lk. ට්‍රයිකෝ ගෝලීය WhatsApp Chat සහය +94765002222 මෙන්ම Facebook(@tricoglobal) සහ Instagram (@tricoglobal) පිටු හරහා සම්බන්ධ වන්න.

 

 

ලංකාවෙන් වෙන රටකට කාගෝ යවන්න පුළුවන්ද?

 

පැහැදිලිවම පුළුවන්! ඒ සඳහාම වෙන් වුණ වෙනම කාර්යාලයක් සහ ගබඩාවක්, බ්ලූමැන්ඩල් ගුදම් සංකීර්ණයේ පිහිටුවල තියෙනවා. ඒ TRICO CUSTOM BROKERS (PVT) LIMITED, Tel 012386177-9 / Mobile: +94778389999.

පෞද්ගලික කාගෝවල සිට ව්‍යාපාරික කාගෝ දක්වා යන පරාසය තුළ ඕනෑම අයිතමයක්, වෘත්තීමය ලෙස හැසිරවිය හැකි පළපුරුදු කාර්ය මණ්ඩලයක් සහිත මෙම ආයතනය මඟින්, ලොව වටා ඔබේ අපනයන අවස්ථා පුළුල් කිරීමට ට්‍රයිකෝ සෑමවිටම කැපවී සිටිනවා.

 

ට්‍රයිකෝ සමාජ වගකීම

 

වසර 40 කට වැඩි කාලයක් ලොව වටා රටවල් 24ක් දක්වා විහිදුණ නියෝජිත ජාලයක් සහිත ට්‍රයිකෝ, ලොව වටා වෙසෙන, විශේෂයෙන් මැද පෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් යම් කරදරයකට පත්වූ සෑම මොහොතකම, හැකි සෑම අයුරකින්ම උපකාර කර ඇති බව, උපකාර ලත් සෑම අයකුම දන්නා කරුණක්.

 

 

[email protected]