වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
ලංකා බැංකුව පරිපූර්ණ මූල්‍ය සැලසුම් සමඟින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව, 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිති කර ගනිමින් කාන්තාවන් සඳහාම නිර්මාණය කරන ලද විශේෂ ඉතුරුම් පසුකම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව සහ ස්වාධීනත්වය ප්රශස්ත කිරීම ලංකා බැංකුවේ අරමුණයි.
වසර 2030 වන විට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) 5 සමඟ සමපාත වෙමින්, එම සංවිධානය විසින් 2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති තේමාව වන්නේ, 'සියලු ම කාන්තාවන් හා ගැහැණු ළමුන් වෙනුවෙන් අයිතිවාසිකම් හා සමානාත්මතාව සවි බල ගන්වමු'යන්නයි.
කාන්තාවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩ නංවමින්, මෙම පරතරය පියවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලංකා බැංකුව, කාන්තාවන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරන අතර, ඉතුරුම් සහ ආයෝජන වර්ධනය කර ගැනීම වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන් දිරි ගැන්වීමට ද ලංකා බැංකුව කටයුතු කරයි.
මෙහි දී කාන්තාවන් වෙනුවෙන් ඉතුරුම් ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් ලංකා බැංකුව 1992 වසරේ දී හඳුන්වා දුන් 'BOC කාන්තා රන් ගිණුම'ආරම්භයේ පටන් මේ දක්වා ම කාන්තාවන් අති විශාල සංඛ්‍යාවකට මූල්‍ය ශක්තියෙන් අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා සහයෝගය ලබා දී ඇත. වසර ගණනාවක් පුරා, මෙම ගිණුම වෙනස් වන ආර්ථික තත්ත්වයන් හා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමට ලංකා බැංකුව පියවර ගෙන ඇති අතර, මෙම ගිණුම 'BOC කාන්තා රන් ගිණුම Smart Gen'ලෙස ඩිජිටල් ආකෘතියක් යටතේ එළිදැක්වීම පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එමෙන් ම මෙම ගිණුම හරහා කාන්තා ඉතුරුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත සහ අමතර ප්රතිලාභ ලබා දීම ද විශේෂිත ය. BOC කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික හරහා ද ඉහළ ප්රතිලාභ රැසක් ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරන අතර, මෙම කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික රු. 25,000, රු. 50,000, රු. 100,000, රු. 250,000 සහ රු. 500,000 යන වටිනාකම්වලින් ලබා ගත හැකි ය. ඒ අනුව කන්තා රන් ගිණුම් ඉතුරුම් සහතිකවල ඉතිරි කරන අයට වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ හැකියාව ඇති බව සඳහන් කළ යුතු ම කරුණකි.
ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර මහත්මිය මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට සාර්ථක විසඳුම් ලබා ගනිමින්, ගෝලීය මට්ටමේ, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට ලංකා බැංකුව සමඟ එකතු වන ලෙස මම මේ රටේ සමස්ත කාන්තා පරපුරට ආරාධනය කරනවා. ඒ වගේ ම 'BOC කාන්තා රන් ගිණුම SmartGen'හරහා කාර්යක්ෂම හා වඩාත් පහසු සේවාවක් ලබා දීමට ලංකා බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනවා."යනුවෙනි.
දශක ගණනාවක් තිස්සේ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්රිත කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම අතින් ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස ලංකා බැංකුව හඳුන්වා දිය හැකි අතර, එහි දී කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක මට්ටමේ ව්‍යාපාර සඳහා මෙන් ම දැනට පවත්වා ගෙන යන ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ණය යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වා දීමට ලංකා බැංකුව කටයුතු කර ඇත. ඒ පිළිබඳ ව අවධානය යොමු කරන විට ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති 'BOC මිතුරු'ණය යෝජනා ක්‍රමය වැනි ණය වැඩසටහන් හරහා ප්රතිලාභ ලබමින් සාර්ථකත්වයට පත් වූ කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාව ඉතා විශාල ය.
එමෙන්ම කාන්තා ව්‍යවසායකත්වය බල ගන්වමින්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දුන් නවතම ණය යෝජනා ක්‍රමය වන්නේ 'BOC රන් ලිය'ණය යෝජනා ක්‍රමය වන අතර, ඒ හරහා කාන්තා ව්‍යවසායකයින් වෙත ප්රතිලාභ රැසක් ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි.
දුර බැහැර ප්‍රදේශවල කාන්තාවන්ට පවා බැංකු සේවා වෙත ඉතා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහතික කිරීම සඳහා ලංකා බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර, BOC Smart Online Banking, BApp Mobile Bankingසහ SmartPay QR Mobile App සේවාවන් හරහා ගනුදෙනුකරුවන්ට දින 365 ඕනෑම වේලාවක ආරක්ෂිත ව ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙයි.දිවයින පුරා ස්ථාපිත 2,300කට අධික සිය ශාඛා හා සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ශ්‍රී ලංකාව පුරා කාන්තාවන්ට බැංකු සේවා ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි.
ඉතුරුම්, ආයෝජනය සහ ව්‍යවසායකත්වය දිරිමත් කරන නිමැවුම් හඳුන්වා දෙමින්, ලංකා බැංකුව ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර,'BOC කාන්තා රන් ගිණුම SmartGen'හරහා කාන්තාවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙමින්, ඔවුන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනංවා ගැනීමට නිරන්තර සහයෝගය ලබා දෙයි.
ලංකා බැංකුව, 'BOC කාන්තා රන් ගිණුම SmartGen'ඇතුළු ව කාන්තාවන් වෙනුවෙන් හඳුන්වා දෙන අනෙකුත් ඉතුරුම් සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ වැඩිදුර විස්තර,www.boc.lk වෙත පිවිසීමෙන් හෝ දිවයින පුරා විසිරී ඇති ඕනෑ ම ලංකා බැංකු ශාඛාවක් වෙත පිවිසීමෙන් ලබා ගත හැකි ය .
ප්‍රියන්ති විජේසේකර මහත්මිය
නියෝජ්‍ය මහා කළමනාකාරිණී
(උපකාරක සේවා) ලංකා බැංකුව