ත්‍රෝ බොල් ශූරතාවලි දෙකම දිනූ අපේ වැඩ්ඩෝ

මැයි 12, 2025

ඉන්දුනීසියාවේ බටම්හී ට්බන් ගොඩුං ඔලරාගා රාජා ජෆාර්‍ර් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් වූ 2025 ආසියානූ ත්‍රෝ බෝල් තරගාවලියේදී පිරිමි සහ කාන්තා ශූරතා දෙකේම ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුවිශේෂී දස්කම් රැසක්ම දැක් වූ අතර, කාන්තා කණ්ඩායමේ ක්‍රීඩකාවන් දැක් වූ දක්ෂතාවය කැපී පෙනෙන සිදුවීමකි.

අවසාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම මුහුණ දුන්නේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිවය.එම කණ්ඩායම් දෙකම ජයග්‍රහණය හිමි කර ගත්තේ 2-1 ක් ලෙස පහසු ජයක් වාර්තා කරමිනි. මේ තරග දෙකේදීම ඉන්දියානු කණ්ඩායම අප කණ්ඩායමට පරාජයට පත් වූයේ කිසිම තරගයක් ලබාදීමට නොහැකි ලෙසිනි.

තරගාවලිය ලීග් ආකෘතියක් අනුගමනය කළ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව ඉන්දුනීසියාව, කණ්ඩායම් රවුන්ඩ් රොබ්න් සැකැස්මකින් තරග කළේය.තරගාවලියේ තිවුණු සටනක නියළි මැලේසියාව පරාජය කරමින් ඉන්දියාව ජයග්‍රහණය හිමිකරගත් පසු තරගාවලියට ප්‍රවේශ වී නොසිටි බංග්ලාදේශය සහ පාකිස්තාන කණ්ඩායම තරඟයෙන් නිතරගයෙන් ඉවත්ව ගියේය. මෙලෙසින් තියුණු තරගාවලියක් ලෙසින් පැවති මේ තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පුරාම තම දස්කම් හා අණසක පතුරවමින් සිටිනු දැකගත හැකි විය.මේ දක්ෂතාවය නිසාම ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකටම ශූරතාවලිය දිනා ගැනීමට හැකි විය.

කාන්තා අවසාන තරගයේදී ඉතාම හොඳින් කණ්ඩායම් හැඟීමේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල දෙකට එකක් ලෙස ජයග්‍රහණය හිමි කරගත්තේ තරගය පුරාම තම අණසක පතුරවමිනි.මෙලෙසින් ඉතාම දක්ෂ ලෙසින් ක්‍රීඩා කළ තම කණ්ඩායම ගැන පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ ජානකී සමරතුංග තම ජයග්‍රාහී කණ්ඩායම ගැන සඳහන් කළේ මෙලෙසිනි.